Gossips

කිරිපිටි ආනයනය සියයට 40 කින් අඩුවේ – හිඟයක් ගැනත් ආනයනකරුවන් අනතුරු අඟවයි

කිරිපිටි මිල ඉහළ නැවීමට රජය අවසර ලබා නොදුනහොත් ඉදිරියේදී කිරිපිටි ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවට ආනයනකරුවන් අනතුරු අඟවනවා.
එම කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ දැනට කිරිපිටි ආනයනයේදී තමන්ට මාසිකව රුපියල් මිලියන 30 ත් 40 ත් අතර පාඩුවක් සිදුවන බවයි.
මේ නිසා අවම වශයෙන් කිරිපිටි මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
රුපියල සීඝ්‍ර ලෙස අවප්‍රමාණ වීම සහ අධික බදු හේතුවෙන් කිරිපිටි මිල වැඩි කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.
කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170 ක පමණ බදු ගෙවීමට සිදුවීමද ඊට තවත් හේතුවක්.
එමෙන්ම ලෝක වෙළඳපොලේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 3350 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 3500 දක්වා ඉහළ යා හැකි බවයි ආනයනකරුවන් සඳහන් කළේ.
මේ වනවිටත් මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් සියයට 40 කින් පමණ සිය ආනයන කටයුතු අඩුකර ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.