Gossips

කිරිපැකට් දුරදිග යයි

පසුගිය දා පැවති ජන බලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වූ පුද්ගලයින්ට ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසනවා.
ඊට අදාලව අධිකරණ නියෝගයක් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පිටකොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, විරෝධතා රැළිය අතරතුර බෙදා දුන් කිරි පැකට් පානය කළ පුද්ගලයින්ට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන බවයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කළේ.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර කියා සිටියේ මෙම ක්‍රියාව පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිටින බවට සාක්ෂි පවතින බවටයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලීසියට අදාළ කරුණු වාර්තා කර විමර්ශන කටයුතු කඩිනම් කිරීමට අදාළ මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේ කිරි පැකට් පානය කළ පුද්ගලයින්ට ආසාත්මිකතා ඇති වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තමන් දැනුම්වත් නොමැති බවයි.