Gossips

කිරින්ද වෙරළේදී නීතිවිරෝධී ලෙස ඇල්ලු පොකිරිස්සන් තොගයක් අත්අඩංගුවට

තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද පොකිරිස්සන් තොගයක් සහ තහනම් දැල් ආම්පන්න තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පොකිරිස්සන් තොගයේ වටිනාකම ලක්ෂ 10ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාස වලදී පොකිරිස්සන් බිත්තර දැමීම සිදු කරන කාල සීමාව බැවින් මෙම කාලය තුල පොකිරිස්සන් ඇල්ලීම තහනම කර ඇති බවයි බලධාරින් පවසන්නේ.
එමෙන්ම මෙලෙස නීතිවිරෝධී ලෙස අල්ලන ලද පොකිරිස්සන් කිලෝවක් රුපියල් හත්දහසක මුදලකට විකුණන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම පොකිරිස්සන් නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරෙන බවයි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.