තිස්සමහාරාම – කිරින්ද මුහුදු වෙරළේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම තරුණයා පිරිසක් සමඟ දියනෑමට ගොස් ඇති අතර, එහිදී තවත් කාන්තාවක් සමඟ මොහු දියේ ගසාගෙන ගොස් ඇති බව සඳහන්.
පසුව ප්රදේශවාසීන් විසින් කාන්තාව බේරාගෙන ඇති අතර, දියේ ගිලීමෙන් අනතුරුදන් වූ 18 හැවිරිදි තරුණයාගේ මළ සිරුර නාවික හමුදාව විසින් පසුව සොයා ගනු ලැබුවා.
එමෙන්ම, වත්තේගම – රාස්ස ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී තිබෙනවා.
ඊයේ පිරිසක් සමඟ මොහු දියනෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අතුරුදන්වී ඇති අතර, නාවික හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව සිරුර සෙවීමේ කටයුතු සිදුකරනු ලබනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ කළුතර – නාගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
