Gossips

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 7 ක්

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට නිකුත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 8621 ක් ලබාගෙන ආසන 7 කට හිමිකම් කියනවා.
එක්සත් ජාතික පක්ෂය කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ආසන 3 කට හිමිකම් කියන්නේ ඡන්ද 3417 ක් ලබා ගනිමින්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 928 ක් ලබා එක් මන්ත්‍රී ආසනයක් ලබාගෙන ඇති අතර ඡන්ද 818 ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආසනයක් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් හිමිවී නැහැ.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලේම නිල ඡන්ද ප්‍රතිඵලය තවත් පැයකින් පමණ නිකුත් කිරීමට හැකිවනු ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක ප්‍රකාශ කළා.
මීට අමතරව මෙතෙක් නිකුත් වී ඇත්තේ අම්බලන්ගොඩ නගර සභාවේ සහ මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ පමණයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම නගර සභාවේ ඡන්ද 6698 ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 4260 ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1796 ක් ලබාගෙන තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද 1062 කට සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 344 කට හිමිකම් කියනවා.
මේ අනුව අම්බලන්ගොඩ නගර සභාවේ පොදුජන පෙරමුණට ආසන 10 ක් හිමිවන අතර එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව 6 ක්.
එක්ත් ජනතා නිදහස් සන්ධානයට ආසන 3 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් හිමිවනවා.
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ඉලංගෙයි තමිල් අරසුකච්චි ඡන්ද 1836 ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1505 ක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 523 ක් ලබාගෙන තිබෙනවා.
මේ අනුව මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආසන 6 ක් ලැබෙන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාව 4 ක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම ප්‍රාදේශීය සභාවේ ආසන 2 ක් හිමිවනවා.