Gossips

කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් රිමාන්ඩ්

ඵෙතිහාසික හොරොව්පොතාන – කිරලාගල ස්ථූපය මත නැග ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් අටදෙනා පෙබරවාරි 05 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයී.
මෙම සිසුන් විශ්වවිද්‍යාලයේ විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත ඔවුන් මුදාහරින ලෙස මෙහිදී සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් බන්ධනාගාර බස් රථයකින් ඔවුන් විශ්වවිද්‍යාලය වෙත රැගෙන යන ලෙසයි.
එසේම, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට සහ අනුරාධපුර සහකාර පුරා විද්‍යා කොමසාරිස්වරයාට මෙහිදී නියෝග කෙරුණා.