Gossips

කියුබාව ව්‍යවස්ථා සංශෝධනයකට සැරසේ

පෞද්ගලික දේපළ අත්පත් කරගැනීම සඳහා ප්‍රථම වරට ඉඩ සළසමින් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට කියුබාව සැරසෙනවා.
1959 වසරේදී කියුබානු විප්ලවයෙන් ෆිදෙල් කස්ත්‍රෝ බලයට පැමිණීමෙන් පසු පෞද්ගලික දේපළ අලෙවිය තහනම් කළ අතර, 2011 වසරේ එයට සංශෝධනයක් එක් කෙරුණා.
පෞද්ගලික දේපළ පරිහරණය සඳහා ඉඩ සළසමින් සකස් කර ඇති නව ව්‍යවස්ථාවයි ඉදිරි සතියේ කියුබානු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන්නේ.
නව ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නව විධිවිධානද ඇතුළත් වන බව කියුබානු කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළා.
නව කියුබානු ව්‍යවස්ථාව මේ වසරේදී ජනමත විචාරණයකටද ලක් කෙරෙනු ඇති.