Gossips

කියුබාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී

කියුබාවේ හවානා අගනුවර හෝසේ – මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසළ දී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා.
සිද්ධියෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුලූ 110 දෙනෙකු මියගිය අතර, අනතුරෙන් පසු, දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද කියුබානු බලධාරීන් පියවර ගත්තා.
මෙම ගුවන් යානය වසර 40 ක් පමණ පැරණි වුවත් එහි කළු පෙට්ටිය තොරතුරු ලබාගත හැකි තත්වයෙන් පවතින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
කළු පෙට්ටිය හමුවීම තුලින් යානය අනතුරට ලක්වීමට හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළකරනවා.
යානයේ තිබු අනෙක් කළු පෙට්ටිය සොයා ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකයි.
එය කඩිනමින් සොයා ගැනීමට හැකිවනු ඇති බවටයි විමර්ශණ කණ්ඩායම් විශ්වාසය පළකරන්නේ.
ඊයේ සිදුවු මෙම ගුවන් අනතුර දශකයක පමණ කාලයකට පසු කියුබාවෙන් වාර්තාවු දරුණුතම ඛේදවාචකයක් ලෙසටයි සැලකෙන්නේ.
මේ හේතුවෙන් එරට දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.