කිඹුලෙකුගේ මස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) පොළොන්නරුව – සෝමාවතිය වන ජීවී කාර්යාලයේ නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොළොන්නරුව සෝමාවතිය ජාතික වන උද්‍යානය හරහා ගලා බසින මහා වැලි ගඟේ ජීවත් වූ අඩි අටක් පමණ දිග කිඹුලෙකු මරා මෙලෙස මස්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු දෙදෙනා හිඟුරග්ගොඩ, බුද්ධ යාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර
