කටාන – කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක ඊයේ ඇති වූ හදිසි ගින්නක් මැඬ පැවැත්වීමට පොලීසිය, මීගමුව ගිනි නිවන ඒකකය මෙන්ම කම්හලේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා.
ගින්න හේතුවෙන් තුවාල ලැබූ සේවකයන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යනු ලැබුවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, අලාභය ද තක්සේරු කර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
