ඉන්දියාවේ සැඟව සිටින පාතාල නායක කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු හැඳල – වත්තල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සමීර මධුරංග ප්රනාන්දු හෙවත් පොඩි සුරේෂ්, ඔහුගේ සොහොයුරා වන තිලිණ මධුසංක, වෙරේෂ් ප්රනාන්දු සහ එච්. සන්ගරන් මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. 
ඔවුන් පිළිවෙලින් අවුරුදු 31, 28 සහ 40 යන වයස්වල පසුවනවා.



