උතුරු කොරියානු නායක කිම් ජොන් අං ගේ, සමීපතම නිලධාරියෙකු අද වියට්නාමය බලා පිටත්ව ගොස් තිඛෙනවා.
ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ කිම් ජොන් අං අතර දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව සොයා බැලීම සඳහායි.
මෙම හමුව මේ මස 27 සහ 28 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
දෙරටේ නායකයින්ගේ පළමු සාකච්ඡාව පැවැත්වුණේ සිංගප්පූරුවේදීයි.
