Gossips

කිම් ජොං අන් හමුදා නායකත්වය වෙනස් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත සමුළුවට පෙර උතුරු කොරියානු නායක කිම් ජොං අන්, සිය හමුදා නායකත්වය වෙනස් කර ඇති බව වාර්තා වනවා.
දකුණු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ උතුරු කොරියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තුන්දෙනා වෙනුවට කිම් ජොං අන් විසින් තරුණ හමුදා නායකයන් පත් කර ඇති බවයි.
ජනපති ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත සමුළුවෙන් පසු සිය රට තුළ සීග්‍ර යටිතල පහසුකම් සංවර්ධනයක් අපේක්ෂා කරන කිම් ජොං අන්, ඒ සඳහා හමුදාවේ සහය ලබා ගනු ඇති බව සඳහන්.