Gossips

කිම් ජොං අන් ස්ථීර සාමයක් ගැන බලාපොරොත්තුවෙන්

ස්ථිර සාමසාධක යාන්ත්‍රනයක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන ඓතිහාසික සාකච්ඡාවේදී බලාපොරොත්තු වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා.
ඔහු කියා සිටියේ මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මුළු ලෝකයම බලා සිටින බවයි.
තමාට මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් යහපත් හැඟීමක් පවතින බව ට්‍රම්ප් පවසනවා.
හෙට (12) පැවැත්වෙන ඓතිහාසික සාකච්ඡා සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් වන අතර, රාජ්‍ය නායකයින් දෙපළද සිංගප්පූරුවට පැමිණ සිටිනවා.