Gossips

කිම් ජොං අන් පෙබරවාරි 25 වනදා වියට්නාමයට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අං පෙබරවාරි 25 වනදා වියට්නාමයට පැමිණෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.
ට්‍රම්ප් – කිම් ජොං සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 27 වනදා සහ 28 වනදායි.
එහෙත් ඊට පෙර උතුරු කොරියානු නායකයා වියට්නාමයට පැමිණෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළා.
හැනෝයි නුවරදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් වියට්නාම බලධාරින් සමඟ ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂිතයි.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් පසුගිය වසරේ ජූනි මාසයේ සිංගප්පූරුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පළමු සමුළුවට සහභාගි වුණා.