උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් සමඟ සමුළුවකට දැන් චීනයේ බීජිං නුවර වෙත පැමිණ තිබෙනවා.
උතුරු කොරියාවේ සිට විශේෂ දුම්රියක් ඊයේ චීනයට ඇතුලූ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායකයාගේ සංචාරය පිළිබද ඉඟි කරමින්.
දැන් ඒ බව උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවය විසින් නිවේදනය කර ඇති අතර, ඒ අනුව කිම් ජොං අන් සහ ඔහුගේ බිරිඳ රී – සොල් – ජු සමඟ ලබන බ්‍රහස්පතින්දා වන තුරු චීනයේ රැදී සිටිනු ඇති.
උතුරු කොරියානු නායකයා මෙලෙස චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවන්නේ සිව් වන වතාවටයි.
මේ අතර, උතුරු කොරියානු නායකයා සමඟ මේ මස තුළ දී තවත් සමුළුවක් පැවැත්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබෙනවා.
