Gossips

කිම් ජොං අන්, ට්‍රම්ප් මුණගැසීමට සැරසේ

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් තීරණය කිරීම තුළින් ඇමරිකාව ඔවුන් හුදෙකලා කිරීමට ගනු ලැබූ තීරණයේ සාර්ථකත්වය පිළිඹිබු වන බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.
ඒ සඳහා ඇමරිකාව කිසිදු සහනයක් ලබා නොදුන් අතර, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් නිරායුධ කරන තුරු පීඩනය තවදුරටත් පවත්වා ගනු ලබන බවයි ඔහු අවධාරණය කළේ.
ඇමරිකාව සමඟ සිය න්‍යෂ්ටික අවි වැඩසහන සම්බන්ධයෙන් ඍජුව සාකච්ඡා කිරීමට උතුරු කොරියාව තීරණය කළේ සියල්ලන් මවිතයට පත් කරමින්.
මීට සුළු කාලයකට පෙර උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වාග් සංග්‍රාමයක පැටලී සිටි අතර, න්‍යෂ්ටික යුද්ධයක අවදානමක් ද ඇති වී තිබුණා.