උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරිය වන කිම් යෝ ජොං අද(09) දකුණු කොරියාවට පැමිණියා.
ඒ, දකුණු කොරියාවේ පියොංචැං හි පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ අද පැවැත්වෙන සමාරම්භක උළෙලට සහභාගිවීම සඳහායි.
1950 සිට 53 දක්වා පැවැති කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවේ සංචාරය කරන උතුරු කොරියානු පාලක පවුලේ ප්රථම සාමාජිකාව ද ඇයයි.
කිම් ජොං අන්ගේ සමීපතම තැනැත්තියක වන ඇය එරට කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලයේ තනතුරකට ද පසුගිය වසරේ පත් කරනු ලැබුවා.
මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී උතුරු සහ දකුණු කොරියානු කණ්ඩායම් එකම ධජයක් යටතේ ගමන් කරන අතර, අයිස් හොකී ක්රීඩාවට එක කණ්ඩායමක් ඉදිරිපත් කරනු ඇති.