උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද (19) දිනයේ දී චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව ජපාන පුවත්පතක් අනාවරණ කළා.
නිකේ ව්යාපාරික පුවත්පත සඳහන් කරන පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ පැවති සමුළුව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී – ජින්පින් දැනුවත් කිරීම එම සංචාරයේ අරමුණයි.
කිම් ජොං අන් ගුවනින් චීනයට පැමිණීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා මේ වන විටත් ආරක්ෂක විධි විධාන යොදා ඇති බවත්, නිකේ පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.