Gossips

කිම් ජොං අන්ගේ දකුණු අත ඇමරිකාවට

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ දකුණු අත ලෙස සැළකෙන ජෙනරාල් කිම් ජොං චොල් මේ වනවිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළඟාවී ඇති අතර, ඔහු අද රාත්‍රියේදී ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමට නියමිතයි.
උතුරු කොරියානු රජයේ ප්‍රධානතම නියෝජිතයෙකු වසර විස්සකට පසු ඇමරිකාවට ගිය පළමු වතාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.