සිංගප්පූරුවේදී ජුනි 12 වනදා පැවැත්වෙන සමුළුව සාර්ථක අන්දමින් සිදුවුවහොත් උතුරු කොරියානු නායක කිම්ජොං අන්ට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ජපන් අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
සිංගප්පූරුවේ පැවැත්වෙන සමුළුවේදී කොරියානු යුද්ධය අවසන් කිරීමේ එකගතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි ජනපති ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කළා.
