Gossips

කින්නියා හිදී වැලි කියුබ් 15,000 ක් නාවික හමුදා භාරයට

කින්නියා – තිප්පංසෙට්ටි ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් ගොඩදමා තිබූ වැලි තොගයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ ගොඩදමා තිබූ වැලි කියුබ් 15,000 ක් පමණ සිය භාරයට ගත් බවයි.
මේ අතර පසුගිය ජනවාරි 29 වනදා ත්‍රිකුණාමලය – කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුරදී මහවැලි ගඟට පැන පලා යාමට උත්සාහ කල තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පසුව එහි උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එහිදී ඇතිවූ ගැටුමකින් නාවික හමුදා සෙබළුන් 12 දෙනෙකුද තුවාල ලැබුවා.