කින්නියා – තඹලගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තඹලගමුව සිට කින්නියාව දෙසට ධාවනය වූ වෑන් රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මාර්ගයේ වම්පසින් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් ඊයේ (15) මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දරුවා තුවාල ලබා කින්නියා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අවුරුදු දෙකහමාරක් වයසැති එම දරුවා ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ නමුත්, මව සහ පියාගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය සදහන් කළේ.