Gossips

කිතුල්ගලදී තියුණු ආයුධයකින් පහරදී 3 දෙනෙකු රෝහලේ

කිතුල්ගල – කළුකොහුතැන්න ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු අඹු සැමි යුවලකට සහ ඥාති කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ මොවුන් තුන්දෙනා කිතුල්ගල – තැලිගම සහ කරවනැල්ල රෝහල්වලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයන් සඳහන් කළේ.
මෙම නිවසටම කිසියම් පුද්ගලයෙකු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ (13) රාත්‍රී 10.30ට පමණයි.
එය පුපුරා ගොස් නොමැති අතර පසුව පිටුපස දොරෙන් නිවසට ඇතුළු වූ තවත් පුද්ගලයෙකු නිවසේ සිටි 56 හැවිරිදි අඹු සැමි යුවලට සහ ඥාති කාන්තාවට තියුණු ආයුධ වලින් පහර දී තිබෙනවා.
පසුව තුවාලකරුවන් කිතුල්ගල – තැලිගම රෝහලට ඇතුළත් කෙරුණු අතර ශල්‍යකර්මයක් සඳහා කාන්තාවන් දෙදෙනා කරවනැල්ල රෝහලට මාරු කර යැවුණා.
තැලිගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොවුන් තිදෙනාගේම අත් සහ ඇඟීලිවලට හානි සිදුව ඇති බවයි.
ඉඩම් ආරවුලක් මෙම ප්‍රහාර දෙකටම හේතුව බවට සැකකෙරෙන බවයි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ දියණිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.