Gossips

කිංසි පාරේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ කාලය දීර්ඝ කෙරේ

රාජගිරිය – ආයුර්වේද වටරවුමේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන හේතුවෙන් හටගන්නා තදබදය අවම කරගැනීම සඳහා සතියේ දිනවල හෝටන් පෙදෙස, කිංසි පාර සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනය සීමාකිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.
මීට පෙර උදෑසන 7.30 සිට 8.00 දක්වා එම ප්‍රදේශවල එක් දිශාවකට පමණක් ගමන් කිරීම සිදු කෙරුණා.
කෙසේ වෙතත් කොළඹ දෙසට ගමන් කරන වාහන වැඩි වශයෙන් කොළඹට ඇතුලූ කිරීමේ අරමුණින් හෙට සිට එම කාලසීමාව උදෑසන හතේ සිට 8 දක්වා දීර්ඝ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
කිංසි – රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන කරන වාහනවලට මරදාන, බොරැල්ල දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙස දෙසට ගමන් කරවීමට හැකියාව පවතිනවා.