Gossips

කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යයි

කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලාගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොල් සොරකමේ යෙදීම හේතුවෙන්.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම් හේතුවෙන් තුවාල ලබා සිටි අතර, පසුව ඔහු කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරු වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසමින් පලාගොස් තිබෙනවා.
කෑගල්ල – දේවාලේගම ප්‍රදේශයේ පදිංචි සැකකරු 21 වන වියේ පසුවනවා.