Gossips

කෑගල්ල – කුරුඳුහින්නේ නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට

කෑගල්ල – කුරුඳුහින්න ප්‍රදේශයේ නිවසක නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් පුද්ගලයින් තුන්දෙනෙකු කෑගල්ල දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින බව සඳහන්.
ඔවුන් වයස 57, 60 සහ 28 වයස්වල පසුවන කෑගල්ල, උඳුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.