Gossips

කෑගල්ල – කරඬුපන රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල – කරඬුපනදී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 54ක් වන අතර පිරිමි පුද්ගලයා 60 හැවිරිදි වියේ පසුවනවා.
අනතුර වන අවස්ථාවේ බස් රථය කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් පැවතුණා.
අනතුරත් සමඟ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල කරඬුපන ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හට ගත්තා.rnrn