Gossips

කෑගල්ලේ වෙළඳසලක හදිසි ගින්නක්

කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් තුනකින් සමන්විත වෙළෙද සැලක ඉහල මහලේ අද (30) දහවල් ඇතිවූ ගින්නකින් එහි තිබු වෙළඳ උපකරණ සියල්ල විනාශ වී තිබෙනවා.
පැය තුනකට ආසන්න කාලයක් පුරා ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව ගින්න සම්පුර්ණයෙන් නිවා දැමිමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඒ සදහා කෑගල්ල නගර සභාවේ ජල බවුසර් 2 ක් යොදා ගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ නමුත් ජනතාව පවසන්නේ කෑගල්ලේ ගිනි ගැනිමේ අවස්ථාවන් වල මාවනැල්ලේ ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන රථය ප්‍රයෝජනයට ගත් අතර එයද මෙ වන විට නඩත්තු කටයුතු වලට යොදවා ඇති බැවින් මෙවැනි හදිසි අවස්ථාවන් වලදි ප්‍රායෝජනය ගැනිමට කෑගල්ල නගර සභාවට ගිනි නිවන රථයක් අවශ්‍ය වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.