කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ත්‍රී රෝද රථයක් කුඩා ලොරි රථයක් පසු කර යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් සහ කුඩා දරුවෙක් තුවාල ලබා කෑගල්ල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
