Gossips

කැළඹුණු කාලගුණය හේතුවෙන් හදිස්සියේම රතු නිවේදනයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ආපදා තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ජනරාල් ආසිරි කරුණාවර්ධන මේ බව සඳහන් කළා.
මේ අතර අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 8 දක්වා මියගොස් තිබෙනවා.
රඹුක්කන ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් අද දහවල් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ.
පවතින වැසි තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අවදානම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසනවා.