කැළණි සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමන හේතුවෙන් අද පස්වරුවේ කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හට ගත්තා.
එම සිසුන් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ සුබසාධන ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
පසුව ඔවුන් පා ගමනින්ම කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණියා.
