Gossips

කැළණි විහාරයේ භාණ්ඩ සොරකම් කළ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි

කැළණිය රජමහා විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගත් සැකකරු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
පසුගිය 2 වනදායි මෙම සොරකම සිදුවී තිබුනේ.
කැළණිය පොලිසිය මේ පිළිබඳ විමර්ශණ සිදුකරන අතර විහාරස්ථානයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිවල සැක කටයුතු පුද්ගලයෙකු සටහන් වී තිබෙනවා.
එබැවින් එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීම සඳහායි පොලිසිය මහජන සහය පතන්නේ.
මෙම සැකකරු සම්බ්නධයෙන් තොරතුරක් දන්නේ නම් 071 6868675 අංකයෙන් බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ අංශයේ ස්ථානාධිපති හෝ 0112947780 අංකයෙන් බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයට දැනුම්දිය හැකියි.