Gossips

කැළණි ගඟ අවට පහත්බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි යළි දැනුම් දෙයි

පවතින අධික වැසි හේතුවෙන් කැළණි ගඟේහි ජල මට්ටම දැරණියගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ නිසා කැළණි ගඟේ සහ ඊට සම්බන්ධ අතු ගංගා දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබදව දැඩි අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.
වැසි හේතුවෙන් කුකුළේ ගඟේ ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘත කර ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි කියා සිටියා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ද මේ වනවිට පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.
ඇල්පිටිය – අලූත්ගම මාර්ගය මිරිස්වත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර – යාපනය ඒ – 9 මාර්ගය අලවතුගොඩ – 8 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානයේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමා කර තිබෙනවා.