කැළණි ගෙඟ් නාගලගම් වීථිය ජල මාපකයේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් කැළණි ගඟ සහ ඒ ආසන්න පහත්බිම්වල වාසය කරන ජනතාව ගං වතුර තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ්.
ඒ අනුව කොළඹ, කැළණිය, කොළොන්නාව, බියගම සහ කඩුවෙල යන ප්රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව හදිසි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂාවීම සඳහා විමසිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.