Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කැළණිවැලි දුම්රිය මාර්ගයේ මාරපල්ලම සහ කොට්ටාව දුම්රිය ස්ථාන අතර අද උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වුණා.
උදෑසන 6 යි 10ට කොස්ගම සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ දුම්රිය මෙලෙස කාර්මික දෝෂයට ලක්වූ අතර, ඒ හේතුවෙන් කොළඹ කොටුවෙන් කැළණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමටයි දුම්රිය පාලක මැදිරිය කටයුතු කළේ.
කෙසේ වෙතත්, මේ වනවිට අදාළ දුම්රිය කොට්ටාව දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර, එම මාර්ගයේ දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව සඳහන්.
අවිස්සාවේල්ලේ සිට පැමිණි දුම්රියක් ගොඩගමදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පෙරේදා දිනයේදී ද කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවුණා.