Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

කිරළපන – කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ කිරිවන්තුඩුව – පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු දුම්රිය පැමිණෙනවාත් සමග අදාළ ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.