Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ මහරගම ප්‍රදේශය ආසන්නයේ දී මෙලෙස දුම්රිය අද පෙරවරුවේ පීලිපැනීමට ලක්ව ඇති බවයි.
අවිස්සාවේල්ලේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවද පාලක මැදිරිය තවදුරටත් ප්‍රකාශ කළා.