කැළණිය සහ වත්තල ඇතුලූ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
එම ප්‍රදේශවලට ජලය බෙදාහරින ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුවන්නේ.
ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල සහ බියගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
