Gossips

කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 16ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.