Gossips

කැළණියේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කැළණිය – බියගම – කැළණිය මාර්ගයේ පිලපිටිය විද්‍යාලය අසලදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 20 සහ 21 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.