අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 185ක් සමඟ පුද්ගලයෙකු මන්නාරම – වංකාලෙයිපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් අදාල පුද්ගලයා ඊයේ (10) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මන්නාරම සහ තලෙයිමන්නාරම් මුහුදු තීරයේ වෙසෙන කැස්බෑවුන් මරා ප්‍රදේශයේ හෝටල් වෙතට අධික මිලකට විකිණීමේ මෙම ජාවාරම කලක සිදුව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුව ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේයි පොලීසිය වෙත භාරදී ඇති අතර පොලීසිය විසින් සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක
