ඩෙල්ෆ් – කුඩාවේලි ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
50 හැවිරිදි ඩෙල්ෆ් ප්රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සතුව කැස්බෑ මස් කිලෝ 5 කට ආසන්න ප්රමාණයක් හමුවී තිබෙනවා.
