දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේදී නීති විරෝධීව කැස්බෑ බිත්තර 60 ක් ළග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ. 
සැකකරු කැස්බෑ බිත්තර තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇති අතර ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක්. 
සැකකරු සහ කැස්බෑ බිත්තර පිළිබඳ ගන්දර පොලිසිය විමර්ශණ සිදු කරනවා.



