Gossips

කැස්බෑ බිත්තර ජාවාරමේ ඇතුල් පැත්ත

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප අනාවරණය කළේ මාතර වෙරළ තීරයේ සිදුවන කැස්බෑ බිත්තර ජාවාරමක් පිළිබඳවයි.
ලෝක රතු දත්ත වාර්තාවන්ට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවන්ගේ බිත්තර එක් රැස්කිරීම මෙන්ම සන්තකයේ තබා ගැනීම ද මෙරට
නීතිය අනුව තහනම් කටයුත්තක්.
හිරු සී.අයි.ඒ.කණ්ඩයාම සමග මාතර දිස්ත්‍රික් සමුද්‍ර ජීවී කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.
අලුයම් කාලයේදී මාතර වෙරළ තීරයේ කැස්බෑ බිත්තර එක් රැස් කරනා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුවයි.