කැස්බෑව වැව ආසන්නයේ බිම වැටී තිබී අත් බෝම්බයක් පොලිසිය විසින් ඊයේ (13) සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ඊයේ රාත්‍රියේ එහි පැමිණි බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් බෝම්බය රැගෙන ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම බෝම්බය නිෂ්ක්‍රීය කොට ඉදිරි විමර්ශන ආරම්භ කෙරෙන බවයි.
පිළියන්දල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
