Gossips

කැස්බෑවෙකු මැරූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ආනවිලූන්දාව – නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී මස් පිණිස කැස්බෑවෙකු මැරූ කාන්තාවන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකාරියන් සන්තකයේ තිබී කැස්බෑ මස් තොගයක් සහ බිත්තර 211 ක් ද සොයාගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ආනවිලූන්දාව වනජීවී කාර්යාලයට භාරදී ඇති අතර, හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.