Gossips

කැවුමාගේ රාවතාවත්තේ නිවසින් හෙරොයින් කිලෝග්‍රෑම් 161ක් සහ ටී 56 උණ්ඩ 3000ක් සොයා ගැනේ

රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා සිටි මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 161කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකින් සොයාගෙන තිබෙනවා.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 180කට අධික බවටයි වාර්තා වන්නේ.
මීට අමතරව එහි තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 3000ක් සහ පිස්තෝලයක් ද සොයාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.