Gossips

කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

කැළුම් ඉන්දික සම්පත් නොහොත් "කැවුමා" නම් සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි නම් මෙම කාන්තාව මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ.
47 හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතගේ 0718591589 දුරකථන අංකයට දැනුම්දිය හැකියි.
කැවුමා නම් සැකකරු පසුගියදා පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.