Gossips

කැලිෆෝනියා වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ 12 දෙනෙකු මියයයි

ඇමරිකාවේ – කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ තවත් කිහිපදෙනෙකු බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.
අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ආරක්ෂක අංශවල වෙඩි පහරකට ලක්වී මියගොස් ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.